සරසවියක උපකුලපති තෝරන්න ඇමති කාර්ය මණ්ඩලය මැදිහත් වෙලා

  • By editor
  • April 26, 2023
  • 0
  • 89 Views

වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහය ඇතිව නව තේරීම් ක්‍රියාවලියක් මත පදනම්ව හෙට(28 වැනිදා) විශ්ව විද්‍යාල අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය වහාම නවතන ලෙස අයඳුම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙකී ඉල්ලීම සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් සිදුකරන ලෙස ජනාධිපති මහජන සම්බන්ඳතා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දී ඇත.

මේ වන විටත් වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අයහපත් කළමනාකරණය හේතුවෙන් උපකුලපතිවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්වි ඇත්තේ සිය ධූර කාලසීමාව අවසන් වීමට ප්‍රථම ය.

මෙම තත්වය හමුවේ විශ්ව විද්‍යාලයේ පස්වන උපකුලපතිවරයා තේරීම සදහා සම්මුඛ පරීක්ෂණයක් කැඳවා තිබුණේ පසූගිය 11 වැනිදා ය. නමුත් එදින පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා අදාළ දැන්වීම නිසියාකාරව සැකසීමට නොහැකිවීම නිසා අයඳුම්කරුවන්ට බලපෑ දෝෂ සහිත තේරීම් ක්‍රියාවලිය හේතුවෙන් අදාළ සම්මුඛ පරීක්ෂණය කල්දමා තිබේ.

එමෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වෘත්තීය සමිති නියෝජනය කරන සමීප හිතවතුන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව නීති විරෝධී සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් තම අවශ්‍යතාවලට අනුබල දෙන අයකු පත්කිරීමට මෙලෙස උත්සහ ගනිමින් ඇති බවටද චෝදනා එල්ල වේ.

මේ සම්බන්ඳව වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා කියා සිටියේ පැවසූයේ අදාළ චෝදනා සම්බන්ඳව මෙතෙක් පැමිණිළි කිසිවක් ලැබී නොමැති බවත් අදාළ සම්මුඛ පරීක්ෂණ කල්දමන ලද්දේ අමාත්‍යාංශ ලේකම්වරයාද දැනුවත් කිරීමෙන් බවත් ය

කෙසේ වෙතත් මෙම චෝදනාවට අමතරව මේ වන විටත් වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය තුල ගැටලු රැසක් මතුව ඇති අතර අධ්‍යක්ෂ ජනරාල්ගේ අභිමතය පරිදී විශ්ව විද්‍යාලය වෙත දුර්වල සිසුන් බඳවා ගැනීම මෙන්ම කාර්ය මණ්ඩල බඳවා ගැනීම පිළිබඳවද මෙන්ම ශිෂ්‍ය ප්‍රතිඵල සම්බන්ඳයෙන්ද චෝදනා පවතියි.

මේ සම්බන්ඳවද අදහස් දක්වමින් ඔහු සඳහන්කළේ දුර්වල සිසුන් ඇතුලත් කර ගැනීම සම්බන්ඳව චෝදනා පවතින්නේ නම් තමා එහි වගකීම සියයට සියයක් භාරගන්නා බවයි.කිසිඳු බලපෑමක් මත සිසුන් ඇතුලත් කර ගැනීමක් මේ වනතෙක් සිදුකර නොමැති බවත් සෑම සිසුවෙක්ම විභාග ක්‍රියාවලියකට යටත්ව බඳවාගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *