සරුංගල් යවන්න රත්මලාන, කටුනායකට සහ මත්තලට තහනම්

  • By editor
  • August 28, 2023
  • 0
  • 165 Views

රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාව දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය සදහන් කර තිබේ.

ඊට හේතුව වන්නේ ගුවන් යානා නීතියට අනුව ගුවන් තොටුපොළක සිට කිලෝමීටර පහක් ඇතුළත ප්‍රදේශයේ අඩි 300 ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පාකිරීම තහනම් කිරීම හේතුවෙනි.

සරුංගල් යැවීමට භාවිතා කරන ඝන තංගුස් නූල ගුවන් යානාවල ගමනාගමනයට බාධා වන බැවින් මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *