ටින්ඩ්ර් කියන්නේ මොකක්ද කියලා මේ වෙනකොට බොහෝ තරුණ තරුණයින් දන්නවා.ඒකෙන් තමන්ට අවශ්‍ය වන මාදිලියෙන් සහකරුවන් හොයාගන්න පුළුවන් යෙදුමක්. මෑතකදී ඒක අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ වුණේ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක එම යෙදුම හරහා ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක් සොයාගෙන වුණ ඇබැද්දියක්.
කෙසේවෙතත් දැන් එම යෙදුම අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලන නායකයෙක් භාවිතා කරනවා කියලා ආරංචි යි. ඒ තමයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා.
මේ යෙදුම භාවිත කරන්නේ සහකරුවන් සොයාගන්නම පමණක් නිසා බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මේකට ඇතුළත් වුණ හේතුව අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මේ යෙදුම 2017 වන විට,එක්සත් ජනපදයේ නව ජෝඩු මුණගැසෙන අංක එකේ ක්‍රමයක් වුණා.
මීට කාලයකට පෙර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ වුණ කරුණක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්ක මාධ්‍ය සංදර්ශන දැම්ම ආදර්ශා කියන තරුණිය සමග ඈදුණ කතා පුවත්. ඒ දිනවල ඇයත් සමග කළ දුරකථන සංවාද ලීක් වුණ නිසාත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ගොඩක් ප්‍රසිද්ධ වුණා.