ස්ටාර්ලින්ට වැඩ වරදී – ඇමැතිවරු ජනාධිපතිගෙන් කරපු ඉල්ලීම මෙන්න

  • By editor
  • March 21, 2023
  • 0
  • 109 Views

ඉහළ ආදායම් ලබන වෘත්තිකයින් ඉලක්ක කරගෙන පනවා ඇති උපයන විට බද්දට එරෙහිව පාසල් ගුරුවරුන් වැඩ වර්ජන සදහා යොමු කර ඇත්තේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්ගේ මැදිහත්වීමෙන් බවටත්, ඔහුට විරුද්ධව දැඩි පියවර ගත යුතු බවටත් කැබිනට් ඇමැතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යෝජනා කර තිබේ.

ඊයේ සවස පවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ජෝස්ප් ස්ටාර්ලින්ට විරුද්ධව දැඩි පියවර ගන්නා ලෙසය.

ගුරුවරුන්ට ලැබෙන වැටුපත් සමගින් කිසිදු ගුරුවරයෙක් උපයන විට බදු නොගෙවන බවද, මෙසේ බදු නොගෙවන පිරිසක් වැඩ වර්ජනයට සම්බන්ධ කර ගෙන ඇත්තේ දේශපාලන උවමනාවන් නිසා බවද ඇමැතිවරු ජනාධිපතිවරයාට දැනුම්දී ඇත. මේ ආකාරයට ගුරුවරුන් දේශපාලන උවමනාවන් අනුව හසුරවන පුද්ගලයින්ට විරුද්ධව දැඩි පියවර ගන්නා ලෙසද ඇමැතිවරු වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *