ස්වයං පාලනයක් අවශ්‍යයි – දෙමල ඩයස්පෝරාවේ සහය ගන්නවා – S.ශ්‍රීධරන්

  • By editor
  • January 28, 2024
  • 0
  • 55 Views

මෙතෙක් දෙමළ ජනතාවට ලබා ගැනීමට නොහැකි වූ ජාතික විමුක්තිය ජාත්ත්‍යන්තරයේ හා දෙමළ ඩයස්පෝරාවේ සහයෙන් ලබා ගැනීම තම අරමුණ බව ඉලංගෙල් තමිල් අරසු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

උතුර හා නැගෙනහිර පළාත් වල ජනතාවට නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් සැකසීමට නම් ස්වයං පාලන දේශපාලන විසඳුමක් අවශ්‍ය බවද හෙතෙම කියා සිටී.

ඒ සඳහා පලාත් දෙකේම දේශපාලන පක්ෂ එක්සත්ව සටන් කිරීමට තමන් ආරාධනා කරන බවද හෙතෙම පැවසීය.

වසර තිහක කාලයක් යුද්ධයෙන් බැටකෑ තම පළාත්වල ජනතාවට සංවර්ධනයෙන් පමණක් පළක් නැතැයි ද පවසන ඔහු දේශපාලන විසඳුමක් සඳහා සිය සටන අඛණ්ඩව ගෙන යන බවද කියා සිටියේය.

-Lankacnews-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *