“ස්වස්ථා”  දත්ත පද්ධතිය ස්ථාපිත කලේ “කෝප් ” කමිටුවට වැරදි තොරතුරු ඉදිරිපත් කර – වෛද්‍ය  චමල් සංජීව

  • By editor
  • November 2, 2023
  • 0
  • 270 Views

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය තුල “ස්වස්ථා”  දත්ත පද්ධතිය ස්ථාපිත කලේ පාර්ලිමේන්තුවේ “කෝප් ” කමිටුවට වැරදි තොරතුරු ඉදිරිපත් කර ලබා ගත්  අනුමැතියක් බව වෛද්‍ය  හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය හෙලි කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ එම සන්ධානයේ සභාපති  වෛද්‍ය  චමල් සංජීව ප්‍රකාශ කලේ එම දත්ත පද්ධතියේ කර්යක්ෂමතාව පිලිබද ගැටලු පවතින බවයි.තොරතුරු නිවැරදි නොවිම නිසා රෝහල් අධ්‍යක්ෂකවරුන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ඔහු  පෙන්වා දුන්නේ ය.මෙම  දත්ත පද්ධතිය පිළිබද වත්මන්  සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගේ අවධානය යොමු විය යුතු බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සැපයුම් අංශයේ  දත්ත පද්ධතියට හිමිවන්නේ  සුවිශේෂී ස්ථානයකි.රෝහල් වල මෙන්ම වෛද්‍ය සැපයුම්  අංශය සතුව පවතින ඖෂධ,ශල්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහ රසායනාගාර  අයිතම වල තොග තත්තවයන් හා බෙදා හැරීමේ අඩු වැඩි වීම් පිළිබද තොරතුරු ලබා ගන්නේ  ස්වස්ථා දත්ත පද්ධතියෙනි.

මෙම දත්ත පද්ධතිය ස්ථාපිත කිරිමට පෙර ජුනි මාසය වන තුරු  වෛද්‍ය සැපයුම්  අංශයේ ක්‍රියාත්මක වුයේ  “MSMIS”  දත්ත පද්ධතියයි.එම පද්ධතිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක වන  විට ප්‍රාථමික මට්ටමෙ පැවැති ස්වස්ථා දත්ත පද්ධතිය කිසිදු  අත්හදා බැලීමකින් තොරව වෛද්‍ය සැපයුම්  මෙහෙයුම් සදහා යොදා ගැණුනි.මේ වන විට වෛද්‍ය සැපයුම්  අංශය මෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවද බරපතල ගැටලු රාශියකට මුහුණ දි සිටිති.

එම ගැටලු වන්නේ,

01 දිවයිනේ පවතින රෝහල්වල තොග තත්වයන් නිරික්ෂණය කිරීමට ඇති ගැටලු.

02 එළඹෙන 2025 වර්ෂය සදහා ඇනවුම් සකස් කිරීමේදී ඇතිවිය හැකි ගැටලු.

03 ගබඩා තුල තොග කළමනාකරණයේදි අත්‍යවශ්‍යම ලේඛණයන් වන ලෙජර් රිපෝට්   පවත්වා ගෙන යාමේ ගැටලුව .

05 ගබඩා තුල පවතින තොග සහ පද්ධතියේ පවතින තොග තත්ත්ව අතර ඇති විය හැකි අසමානතා.

05 2023 වර්ෂයේ අවසානයේ පවත්වනු ලබන   තොග ගණනයනිසි අයුරින් සිදු කර ගැනිම සදහා ඇති අපහසුතාවය.

මෙම ගැටලු පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ සතිපතා පැවැත්වෙන රැස්වීම් වලදී පෙන්වා දුන්නද මෙතෙක් කිසිදු  විසදුමක් ලැබී නොමැත.ස්වස්ථා දත්ත පද්ධතිය ක්‍රියාත්මක කරන “ ලුන්ස් ලැබි”  නැමැති ආයතනයද පැලැස්තර විසදුම් ලබා දෙන බව වෛද්‍ය සැපයුම් අංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ මුලිකත්වයෙන් ආරම්භ කර  ඇති ස්වස්ථා  දත්ත පද්ධතිය  සමග සෘජුවම සම්බන්ධව වැඩ කල ව්‍යාපෘති  අධ්‍යක්ෂකවරයෙකු සහ ව්‍යාපෘති කළමණාකරුවන් මේ වන විට ඉවත්ව ගොස් ඇත්තේ මෙම ගැටලු හේතුවෙනි.මෙම දත්ත පද්ධතිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ  ඉහළ නිළධාරින් සෘජුව වග කිවයුතු වුවත් ඔවුන් අධික්ෂණයෙන් ඉවත් වෙමින් සිටින බවද නිලධාරින් පෙන්වා දෙති.

ස්වස්ථා දත්ත පද්ධතියේ පවතින ගැටලු සදහා ඊට ප්‍රවේශවිමේ පහසුකම් නොමැති විම පිළිබද වෛද්‍ය සැපයුම් අංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය සැප්තැම්බර් මාසයේදි එහි අධ්‍යක්ෂකවරයාද ලිඛිතව දැනුවත් කර ඇත.මෙම දත්ත පද්ධතිය සදහා  අමාත්‍යංශය වැය කරන මුදල රුපියල්  මිලියන 700 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *