සාම සාධක හෙලිකොප්ටරයක් අනතුරකට ලක්වෙයි

  • By editor
  • January 12, 2024
  • 0
  • 62 Views

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරි සඳහා යොදවා තිබූ MI 17 වර්ගයේ හෙලිකොප්ටරයක් ගොඩබෑමට යාමේ දී අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

එරට වේලාවෙන් අද (12) උදෑසන 9.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් හමුදා කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *