සාරිය අතහැර ගවුම් ඇන්ද ගුරුවරියනට එරෙහිව විනය ක්‍රියාමාර්ග

0
6

සාරිය ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම් වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන කැබිනට් ප්‍රකාශක රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

පාසැල් ගුරුවරියන් සඳහා අනුමත වී ඇත්තේ සාරිය සහ ඔසරිය පමණක් බවත් ඒ වෙනුවට වෙනත් ඇඳුම් වලින් පැමිණි ගුරුවරියන් ගැන විනය ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

පාසැල් රාජයේ කාර්යාල නොවනා බැවින්, සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සැරසී සේවයට පැමිණීමට රාජ්‍ය සෙවකයනට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසැල්වලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here