සැමන් කන්නේ බලාගෙනයි – මෙන්න නම් ගම් එක්කම විස්තරේ

  • By editor
  • August 6, 2023
  • 0
  • 374 Views

චීනයෙන් ආනයනය කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු සැමන් වර්ගයක් ලෝටස් නමින් මෙරට වෙළෙඳ පොලෙහි ඇති බවට වාර්තා වේ.

එමෙන්ම මෙම ටින් මාළු මිනිස් පරිබෝජනයට නුසුදුසු බවට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර තිබියදී ලෝටස් නමින් වෙනත් ලේබලයකින් මෙය මෙරට වෙළෙඳ පොලට නිකුත් කර ඇති බවට හෙළි වී තිබේ.

මේ පිළිබඳව ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කරනු ලැබීය.

එහිදි අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර හරිස්චන්ද්‍ර සදහන් කරනු ලැබුවේ, මෙම චීන සැමන් වර්ගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබියදීත් වෙනත් ලේබලයක් යටතේ වෙළෙඳපොළට නිකුත් ඇතිකර බවය. ඒ අනුව ලෝටස් නමින් එම ටින් මාළු මෙරට වෙළෙඳ පොළ තුළ තිබෙන බවත් හෙළිවිය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සදහන් කළේ

“චීනයෙන් ආනයනය කරනවා සැමන් වර්ගයක්. ඒවායේ මාළු වෙනම වළලන්නත්, ටින් වෙනම වළලන්නත් අණ කරලා තියෙනවා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය. මේ වෙනකොට ඒක වෙනත් ලේබලයකින් කොහොමද වෙළෙඳපොළට ආවේ. ආනයනික චීන සැමන් එක 2021.03.28 තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2024.03.28 තමයි කල් ඉකුත්වීමේ දිනය තියෙන්නේ. මේකේ ලේබල් එකත් මාරු කරලා තියෙන්නේ. මේක බලන අයට පුළුවන් මේක මිනිස් පරිභෝජනයට සුදුසු ද නැතිද කියලා තෙරුම්ගන්න.”

එහිදි අදහස් දැක්වූ  ජාතික පාරිභෝගික පෙරමුණේ නායක  අසේල සම්පත්,

“2014 වසරේදී ආරක්ෂිත ස්ටිකරයක් භාණ්ඩවලට ඇලවීමට ගිවිසුමක් අත්සන් කරනවා මේගොල්ලෝ සුවිස්වල. මේ ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසා ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් දාලා තියෙනවා. එකේදි සිදුවෙලා තියෙනවා පාරිභෝගික අධිකාරියේ කෝටිගානක් ගෙවන්න. දැන් මේ පාරිභෝගික අධිකාරියේ අම්මා අප්පාගේ සල්ලි නෙමේ මේ රටේ අහිංසක කඩකාරයොන්ට දඩ ගහලා ගත්ත මුදලින් තමයි මේ කෝටි 2යි ගාණ ගෙවලා තවත් කෝටි 5යි ගාණක අනුමැතියක් දිලා තියෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *