හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන එකල පටන්ම සිදුකළේ විවිධ ද්‍රෝහිකම් බව නිදහස් ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති සදහන් කළේය.
එතුමා ප්‍රථමයෙන්ම සිදුකළේ ආප්ප කා වෙනත් පක්ෂයකට පැනීම බවත් පසුව ජනපති වන්න සහය දැක්වූ රනිල් වික්‍රමසිංහ ඉවත් කළ බවත් ගලප්පත්ති මහතා විසින් පෙන්වා දුන්නේ ය. එබැවින් තැන් තැන් වල හිටවන කවි කියන මෛත්‍රීපාල සිරිසේන තම පක්ෂයට සහය නොදැක්වූවාට ගැටළුවක් නොමැති බව ද හෙතෙම පැවසීය.
අද මාතර කැකණදුර සභා ශාලාවේ දී නිදහස් ජනතා සභාව විසින් පැවති ජනහමුව අමතමින් මෙම අදහස් පළකළේය.