පොසොන් පෝය දිනය නිමිති කරගෙන බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇත.
ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙලෙස සමාව ලබා දී තිබේ.
ඒ අනුව, පිරිමි සිරකරුවන් 434 දෙනෙකු ද, සිරකාරියන් 6 දෙනෙකු ද ඇතුළුව රැඳවියන් 440 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම නියෝජනය වන පරිදි නිදහස් වීමට නියමිත බව ඔහු වැඩිදුරට ත් පැවසීය.