සිරකරුවෙකුට චන්ඩි පාට් දැමූ ලොහාන් රත්වත්තේට අධිකරණයේ පෙනීසිටින්න නියෝග

  • By editor
  • May 9, 2023
  • 0
  • 154 Views

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී රාත්‍රී කාලයේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි රැඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කර මරා දමන බවට සාපරාධී බිය වැද්දීම කර තර්ජනය කළේ යැයි සිද්ධියට අදාලව අමාත්‍ය ලොහාන් රත්වත්තේට සැප්තැම්බර් මස 14 වෙනි දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

නීපතිවරයා විසින් පවසා ඇත්තේ 2021 වසරේ සැප්තැම්බර් 12 වන දින හෝ ඊට ආසන්න දිනයක අමාත්‍යවරයා බන්ධනාගාරයට ගොස් අදාල රැදවියාට ගිනි අවියක් එල්ල කර මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බිය ගැන්වීමක් සිදු කර ඇතැයි ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *