සිසුවෙකුට පහරදුන් විදුහල්පතිනියට ලක්ෂ 10ක වන්දියක් ගෙවන්න නියම වෙයි

  • By editor
  • December 15, 2023
  • 0
  • 54 Views

විදුහල්පතිනියක් විසින් වයස අවුරුදු පහළොවක් වූ දරුවෙකුට වේවැලකින් පහර දී හිංසා කිරීමක් හේතුවෙන් රුපියල් ලක්‍ෂ දහයක වන්දි මුදලක් ගෙවන්නැයි කළුතර මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

දොඩංගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියක විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස දඩුවම් නියම විය.

පසුගිය 2013 වසරේ දී ජුනි මාසයේ දිනයක එවකට බාල වයස්කාර දරුවකුට කෲරත්වයට පත්කරන ලදැයි පවසමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සලකා බලමිනි.

දොඩංගුවට පොලිසිය විසින් එම වසරේදී සංවිධානය කර තිබූ පහන් කුඩු තරගයකට මෙම සිසුවා ඉදිරිපත් කළ පහන් කුඩුවට පළමු ස්ථානය හිමි වී ඇති අතර එහිදී වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍රය ලබාගෙන තිබේ.

නමුත් එය විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක් යැයි කියමින් විදුහල්පතිනිය එම ස්ථානයේදීම තෑගි ලබාගෙන තිබිණ.

පසුව තෑගි ලබා ගැනීමට විදුහල්පතිනියට ඉඩ නොදුන් බව පවසමින් සිසුවාට පාසලේ දී පහර දී ඇති බවත් සෙසු ගුරුවරුන්ද සිසුවා නොසලකා හැරී ඇර ඇති බවත් නඩුව විභාගයේදී කරුණු වාර්තා වී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *