සිසේරියන් සැත්කමේ දී ගර්භනී මවට ලබා දී ඇත්තේ ඉන්දියානු ණය ආධාර යටතේ Slim Pharmaccuticals ආයතනයෙන් ගෙන්වන ලද නිර්වින්දන ඖෂධය – රවී කුමුදේශ්

  • By editor
  • April 8, 2023
  • 0
  • 306 Views

සිසේරියන් සැත්කමක් අතරතුර ගර්භනී මවක් මියයාමේ සිද්ධියේ දී ඇයට ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ මින් පෙර භාවිතා නොකල ඖෂධයක් බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.

මීට පෙර භාවිතා කරන ලද ඖෂධයෙන් සංකූලතා මතු වූ බවට එම රෝහලෙන් ලැබුණ පැමිණිලි හේතුවෙන් එම ඖෂධය භාවිතා කිරීම අත්හිටුවා මෙම ඖෂධය හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබූ බව ද හෙතෙම සදහන් කරයි.

නමුත් පෙර කී ඖෂධය නතර කල වහාම බංගලාදේශයේ නිෂ්පාදනය කර, මියන්මාරයේ ලියාපදිංචි කළ ශ්‍රී ලංකාවේ මින් පෙර භාවිතයට නොගත් ඊට සමාන මෙම ඖෂධය කඩිනමින් රෝහල් වෙත බෙදාහැර ඇති බවට රවී කුමුදේශ් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා එල්ල කර තිබේ.

පෙර ලබා දී තිබූ ඖෂධය හේතුවෙන් රෝගියෙකු මිය යනු ලැබුවේ නම් එම ඖෂධයේ වරද කුමක්ද යන්න සහ ඒ පිළිබද නිසි විමර්ෂනයක් කලයුතු බවත් ඔහු පෙන්වා දී ඇත.

එවැනි විමර්ශනයක් සිදු නොකර ඇති තත්වයක් තුළ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලංකාවේ ලියාපදිංචි නොවූ, ලංකාවේ භාවිතා නොකල ඖෂධයක් පිලිබද විශ්වාසය තබමින් එය කඩිනමින් රෝහල් වෙත බෙදා හැර ඇති බවත් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *