සීනිගම මහා දේවාලයේ හොරකම් එළියට – විස්තර මෙන්න

  • By editor
  • August 13, 2023
  • 0
  • 82 Views

සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුල රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

2021 හා 2022 විගණන වාර්තා වලින් මෙම වංචාව හෙළි වී ඇතැයි බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කර ඇත.

පසුගිය කොවිඩ් සමයේදී ඇතිකළ කෝවිඩ් අරමුදලට සීනිගම දේවාලය මගින් 2019 වසරේ දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කල බවට ප්‍රකාශ කළ නමුත් එවැනි මුදලක් බැර වී නැති බවට විගණන වාර්තා වලින් හෙළි වී ඇති බවත් හෙතෙම පැවසීය.

එම දේවාලයේ දේව පූජාව සඳහා බැතිමතුන්ගෙන් ලැබෙන වියලි ආහාර ද්‍රව්‍ය සහ පූජා භාණ්ඩ ඔවුන්ගේ හිතවතුන්ට ලබා දී ඇති බව ද හෙළි වී තිබේ.

එසේම දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැති හා විධිමත් ඇස්තමේන්තු නොමැති බවද අදාල විගණන වාර්තාවල කරුණු දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *