සුඩානයේ ගුවන් අනතුරකින් 09 ක් මිය යයි

  • By editor
  • July 25, 2023
  • 0
  • 63 Views

සුඩානයේ වෙරළබඩ නගරයක් වන පෝට් සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරින් මියගිය අය අතර සුඩාන හමුදා නිලධාරීන් සිව්දෙනෙකු ද සිටින අතර එක් දරුවෙක් දිවි බේරාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය මෙලෙස කඩා වැටී අනතුර සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *