සුමාත්‍රා දුපතේ ප්‍රබල භූ චලනයක්

  • By editor
  • April 3, 2023
  • 0
  • 60 Views

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවේ නියාස් දූපත ආසන්න වෙරළ තීරයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය.

පොළොවේ සිට කිලෝමීටර් 91ක් ගැඹුරෙන් මෙම භූ චලනය සිදුව තිබෙන බව එම ආයතනය පැවසීය.
කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් සිදුවූ හානි පිළිබඳව තවමත් වාර්තා වී නොමැති අතර සුනාමි අවදානමක් සම්බන්ධයෙන්ද තවමත් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

මෙම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට හෝ අවට කලාපයට බලපෑමක් නොමැති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *