සුරාබදු ලොක්කන්ගේ හොර මගඩි සංජය මහවත්ත එළියට දායි

  • By editor
  • February 13, 2024
  • 0
  • 69 Views

සුරාබදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වා වෙත මත්පැන් වල ව්‍යාජ ස්ටිකර් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරකසහාව විසින් චෝදනා එල්ල කර ඇතැයි මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා සදහන් කරයි.

අදාළ වංචාව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකල සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ ප්‍රධාන නිලධාරියා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයා දෙමස්සිනාලා වන බව ත් ඔවුන්ට හිතුමතේ මත්පැන් තොග නිදහස් කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම මෙම චන්ද්‍රසිරි සිල්වාට එරෙහිව මහධිකරණයේ මත්කුඩු සම්බන්ධ නඩුවක් පවතින බවත් එහිදී මොහු වැරදිකරු වී තිබෙන බවත් සංජය මහවත්ත මහතා සදහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළකළ අතර එහිදී වැඩිදුරටත් ඔහු සදහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු හොරුන්ව ආරක්ෂා කරන බවයි. මේ වනවිට බදු ගෙවීම් පැහැරහැර, මහ පරිමාණයෙන් බදු පොලු තිබූ අයගේ නම් ලැයිස්තුවක් තමන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි නමුත් එය ලබාදීමට එම දෙපාර්තමේන්තුව අකැමැත්ත ප්‍රකාශ කළ බව ද ඔහු පෙන්වා දුන්නේය

අදාළ මාධ්‍ය හමුව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *