සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක පිහිටි ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ රාත්‍රියේ පහරදී තිබේ.
පහරකෑමෙන් තුවාල ලැබූ අදාළ ආපන ශාලාවේ ප්‍රධාන කෝකියා හා සුරාබදු නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය සඳහන් කළේය.
එම ආපන ශාලාවේ සේවය අවසන් කර ඉන් පිටව යාම සඳහා එක් සේවකයෙකු තම හෙල්මටය අසල වූ මේසයක් මත තබා තිබේ. ඒ අතරතුර පැමිණි බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් අදාළ හෙල්මටය රැගෙන යෑමට උත්සාහ කර නැවත වතාවක් එම ස්ථානයේ තබා යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
ඒ සමග අදාළ ආපන ශාලාවේ කළමනාකාරවරයා හා එහි ප්‍රධාන කෝකියා , අදාළ නිලධාරීන් කණ්ඩායම සමග බහින්බස්වීක් ඇති වී තිබේ.
එහිදී සුරාබදු නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ප්‍රධාන කෝකියාට පහරදීමට උත්සාහ දරා තිබේ.
එහිදී සුරාබදු නිලධාරීන් අතර ඇතිවන පොරබැදීමේදී ඔවුන් අවස්ථා කිහිපයකදීම බිම වැටෙන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබුණි.