සෙවනගල පැල්වත්ත දයාට දෙනවාට පොහොට්ටුවේ විරෝධයක්

  • By editor
  • March 25, 2023
  • 0
  • 81 Views

පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති දයා ගමගේට යලි ලබා දීමේ සූදානමක් ඇති බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කන්ඩායම් රැස්වීමේදී අනාවරණය වී ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ බව ප්‍රකාශකලේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන විජිත බේරුගොඩ සහ ගයේශාන් නවනන්දනය.මොවුහු දෙදෙනා මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස ඇත.

“පැල්වත්ත සහ සෙවනගල පෞද්ගලීකරණය කරන්න හදනවා.කලින් ගත්ත ව්‍යාපාරිකයාටම දෙන්න හදනවා.එය නතර කරන්න.මෙම කර්මාන්තශාලා දෙක දැන් ලාභ ලබනව.”යැයි එම මන්ත්‍රීවරු පවසා ඇත.

මන්ත්‍රීවරු දෙදෙනා විරෝධය පල කලද ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කලේ නැත.යහපාලන ආණ්ඩු කාලයේදී සෙවනගල පැල්වත්ත සීනි කර්මාන්තශාලා ලබා දී තිබුනේ ඇමතිවරයකු වන දයා ගමගේටය.මෙම කර්මාන්තශාලා දෙකෙන් දුඹුරු සීනි නිපදවන අතර ඊට අමතරව එතනෝල්ද නිපදවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *