සේවය හැරගිය සේවකයාට ලක්ෂ 17ක වැටුප් ගෙවූ මහනුවර මහනගර සභාව

  • By editor
  • September 21, 2023
  • 0
  • 71 Views

මහනුවර මහ නගර සභාවේ සේවය කරමින් සිට සේවය හැරගිය සුළු සේවකයෙකුට වසර හතරක කාලයක් තිස්සේ වැටුප් ලෙස ඔහු ගේ ගිණුමට රුපියල් ලක්ෂ 17 ක මුදලක් බැරකර ඇති සිද්ධියක් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් මූලික විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

2019 වසරේ අප්‍රේල් මස 02 වැනි නගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ සේවයට එක්ව ඇති මොහු එම වසරේ ජූලි මස ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාරුකර ඇත.

ජල කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ සිට ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාර කිරීමෙන් පසු මෙම සුළු සේවකයා සේවය හැරගිය ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *