සොසේජස් බනිස් ගෙඩියේ බ්ලේඩ් තලයක් – කෑ පුද්ගලයාගේ උගුර කැපී රෝහලේ

  • By editor
  • October 9, 2023
  • 0
  • 173 Views

වේවැල්දෙණිය ප්‍රදේශයේ ජංගම රථයකින් ලබාගත් සොසේජස් බනිස් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් එහි තිබූ බ්ලේඩ් තලයකට උගුර කැපී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.

එම සොසේජස් බනිස් ගෙඩිය මිලට ගත් පුද්ගලයා කොටසක් තම දරුවාට ලබා දී ඉතිරිය කෑමට ගෙන ඇති අතර එහිදී එම බනිස් ගෙඩිය තුළ තිබී බ්ලේඩ් තලයකින් උගුර කැපි ඇති බව වාර්තා වේ

සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ බනිස් ගෙඩි බ්ලේඩ් තලයකින් කපා සොසේජස් ඇතුළු කරන අතර එම බ්ලේඩ් තලය බනිස් ගෙඩිය තුළ රැඳී ඇති බවටත් ය.

කෙසෙවෙතත් සැකකාර ව්‍යාපාරිකයා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *