සෞඛ්‍යයට එක්වන අලුත් ලොක්කා මෙන්න

  • By editor
  • November 18, 2023
  • 0
  • 70 Views

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව වෛද්‍ය පාලිත මහීපාල මහතා එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

මේවන විට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් හොබවනු ලබයි.

නව සෞඛ්‍ය ලේකම් ධුරයට පත් කර ඇති විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාකිස්තාන අධ්‍යක්ෂකවරයා ලෙසත් නිලතල බොහොමයක් හොබවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *