සෞඛ්‍යයෙන් ඉවත් කළ කෙහෙළිය දැන් ගල් රට පටවන ඩීල් එකක

  • By editor
  • January 16, 2024
  • 0
  • 114 Views

හම්බන්තොට වරාය ඉදිකිරීමේදී කඩා ඉවත් කරන ලද කළුගල් මෙට්‍රික් ටොන් මිලියනයක් මාලදිවයිනට යැවීම සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි අනාවරණය වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි. ඒ අනුව එහි වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම කළුගල් තොගය ඉවත් කිරීම සහ අපනයනය කිරීම සදහා එක් පුද්ගලයෙකුට පමණක් ලබා දී අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයි ද පරිසර අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන බවය.

එසේම හම්බන්තොට වරායේ තිබෙන එම කළු ගල් වලින් නිසි ප්‍රයෝජනයක් නොගන්නේ නම් ඒවා මුහුදට දමන බවට වරාය පාලනාධිකාරිය විසින් දැනුම් දීම නිසා ඒවා මෙලෙස කඩිනමින් මාලදිවයිනට අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අදාළ කළුගල් තොගය ටෙන්ඩර් මගින් එක් පුද්ගලයෙක් ලබාගෙන ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සදහන් කර ඇත. එම පුද්ගලයා විසින් මෙම කළුගල් වරාය ආශ්‍රිත පුද්ගලික ඉඩම් කිහිපයක ගොඩගසා තිබෙන බව ද අනාවරණය වේ.

මේ පිළිබඳ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජේ පෙරේරාගෙන් කරන ලද විමසීමක දී සදහන් කළේ හම්බන්තොට වරායේ තිබෙන් එම කළුගල් තොගය පිටරට යැවීමට අදාළව මෙතෙක් කැබිනට් අනුමැතියක් ලැබී නොමැති බවය.

අපනයනය සදහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ කළුගල් කොපමණ ප්‍රමාණයක් තිබේ ද ඒවා අපනයනයට සුදුසු ද නැතිද යන්න භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පරීක්ෂා කරන බව සභාපතිවරයා සදහන් කලේය.

කෙසෙවෙතත් අදාල කැබිනට් පත්‍රිකාව සකසා ඇත්තේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන නන්දන ලොකුවිතාන මහතාට අයත් ආයතනයකට වාසිදායක වන අයුරින් බව ආරංචි මාර්ග සදහන් කරයි.

පරිසර අමාත්‍යවරයා ලෙස මේවන විට කටයුතු කරනු ලබන්නේ ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වංචාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා වීම සුවිශේෂීත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *