සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන වල ඉහළ පුටු සදහා නව නිලධාරීන් පත් කිරීම අද සිදු කිරීමට සැලසුම් කර තිබුණත් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් එය නතර කර තිබේ.
පළමු අදියරේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධූරය සදහා විශේෂඥ වෛද්‍යවරයෙකු පත් කිරීම සදහා පත්වීම් ලිපිය අද පෙරවරුවේ ලබා දීමට නියමිතව තිබුණි. ඒ සදහා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ නම යෝජනා වී තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඊට අදාළ පත්වීම් ලිපි ද සෞඛ්‍ය ලේකම් කාර්යාලය විසින් සකස් කර ඇමති කාර්යාලයට ලබා දී තිබුණි. එහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට දත්ත හොරකමට සම්බන්ධ චූදිතයන් නැවත පත්කිරීමේ සූදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරන ලදී.
තවද ඉහළ කළමනාකරණ තනතුරු වලට නැවත නැවත සායනික විශේෂඥයින් පත් කිරීමෙන් අර්බුදය තවත් වැඩිවන බව ද එම සංගමය පෙන්වා දුන්නේය. අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍යවරයෙක් වූ විට ප්‍රශ්න විසදෙනවා යැයි සිතීම ද අනුවණ කමක් බව ද එම සංගමය අවධාරණය කර සිටියේය.
මෙම කරුණු සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කිරීමට යෝජනා වූ විශේෂඥ වෛද්‍යවරයා අරගලයට සහය දීම වැනි කරුණු සැලකිල්ලට ගනිමින් පත්වීම් ලබාදීම ප්‍රමාද කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
තවද මෙම ඉහළ නිලධාරීන් පසුගිය දිනවල විපක්ෂ නායක කාර්යාලයට ගොස් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු දැනුවත් කර ආණ්ඩුවට එල්ල කළ පීඩනය ද මෙහිදී සැලකිල්ලට ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.