සෞඛ්‍ය අමාත්‍යාංශය සදහා 2023 වාර්ෂික අය වැයෙන් වෙන් කළ රුපියල් බිලියන 268 ක ප්‍රතිපාදන මේ වන විට අවසන් වී ඇති බව මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
ඖෂධ මිල ගණන් ඉහළ යාම, රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම, උපයෝගිතා සේවා මිල ගණන් ඉහළ යාම මත මෙම වසර සදහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව රට තුළ සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා මේ වන විට තවත් රුපියල් බිලියන 58 ක් මහා භාණ්ඩාගාරය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේකව ලබාදී තිබේ.
එහෙත් වෛද්‍ය සැපයීම්, රෝහල්වල ජල හා විදුලි බිල්පත් ගෙවීම්, වෛද්‍ය උපකරණ ලබාගැනීම් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සදහා තවත් රුපියල් බිලියන 20ක මුදලක් අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.
ඒ අනුව විදේශ ණය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන වලින් රුපියල් බිලියන 20ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීන්දු කර ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කටයුතු විධිමත් කිරීමටද මුදල් අමාත්‍යාංශය තීන්දු කර ඇත.