සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි දාහක් වංචාවක් හෙළිවෙයි – ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කර ගෙන ආ එන්නත් කුප්පි විසි දෙදාහම තත්වයෙන් බාලයි

  • By editor
  • October 2, 2023
  • 0
  • 263 Views

ඇමරිකානු ඩොලර් මිලියන තුනක් ( රුපියල් කෝටි1000ක් ) වැය කරමින් ගෙන ආ ඖෂධ කුප්පි 22 500ක් භාවිතයට නොසුදුසු තත්වයෙන් බාල ඒවා බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි .

මෙම ඖෂධ තොගය ගෙන ඒම සඳහා ඉදිරිපත් කර ඇති ලිපි ලේඛණ ව්‍යාජ ඒවා බවත්, ඒ සඳහා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ විජිත් වික්‍රමරත්නගේ නිළ මුද්‍රාව ව්‍යාජ ලෙස භාවිතා කර ඇතිබවත් එම සංගමය පවසයි . එම නිළ මුද්‍රාව යොදා සැකසු ලේඛණ මගින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකව මුලා කරමින් මෙම ඖෂධ සමාගම ඖෂධ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කොට ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසයි .
කෙසේ වෙතත මෙම මුදලින් සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් අදාල සමාගමට මේ දක්වා ගෙවා ඇති බවට වාර්තා වන බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි .

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත්, සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්න පරීක්ෂණ පැවෑත්විය යුතුබවත් එම වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සතියට පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *