සෞඛ්‍ය ඇමති තනතුරට පොරයක්

  • By editor
  • July 23, 2023
  • 0
  • 63 Views

වත්මන් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති ධූරය ලබා ගැනීම සඳහා ඉහළපෙලේ තරගයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනු ඇතැයි පැතිර යන තොරතුරු හේතුවෙන් මෙම තරගය නිර්මාණය වී තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂයේ දැනට ස්වාධීන සිටින මන්ත්‍රීවරයක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය තමන්ට ලබා දෙන ලෙස නිල නොවන ඉල්ලීම් කර ඇති බවද වාර්තා වෙයි.

කෙසෙවෙතත් එම ඉල්ලීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් ජනාධිපති මෙතෙක් දක්වා නොමැති බවද දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *