සෞඛ්‍ය ඇමති සහ බලධාරීන් පිස්සු නටනවා – ඇමතිලා ලේකම්ලා ඖෂධ මාෆියාවක (පුබුදු ජයගොඩ)

  • By editor
  • May 4, 2023
  • 0
  • 100 Views

මෙරටට ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට අනුව සමාගම් 06ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් සුවිස් පේරන්ටරස් සමාගම එක් ඖෂධයක් සදහා සත 19ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබිය දී සිංගප්පූරු සමාගමකට සත 85ක ට ඖෂධ ටෙන්ඩරය ලබාදීමට අමාත්‍යාංශ ලේකම් කැබිනට් පත්‍ර සකස් කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කළේ කොළඔ අද පැවති මාධ්‍ය හමුවකදී ය.

එමගින් ඇමරිකන් ඩොලර් 1649500ක පාඩුවක් මෙරටට සිදුවන බවත් එකී සමාගම ලංකාවේ ව්‍යාපාරිකයෙකුගේ සහකාර සමාගමක් වන අතර මෙම මාෆියාවට අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් හා කූට ව්‍යාපාරිකයින් ද හවුල් බවත් හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම ණයවර ලිපි නිකුත් කිරීමේදී ලබාදෙන්නේ නිෂ්පාදන සමාගමට වන නමුත් මෙම සිංගප්පූරු සමාගම ඖෂධ නිෂ්පාදන සමාගමක් නොව ඉන්දියාවෙන් ඖෂධ මිලට ගෙන ලංකාවට ලබාදෙන සමාගමක් බවත් ඔහු හෙළිදරව් කරනු ලැබීය.

ඇමතිවරුන් හා බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිටට යන මූලික ක්‍රමයක් වන්නේ මෙම ඖෂධ මාෆියාව බව ද ඔහු සදහන් කළේය.

මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු හා කූට ව්‍යාපාරිකයන් ද සිටින බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

එමෙන්ම මේ වනවිට මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බවත් දැනට රෝහල් ගණනාවකම පවතින ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් එම රෝහල් ඒකක වසා දමා ඇති බවත් ද ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම ශල්‍ය උපකරණ හිගය හේතුවෙන් රෝගීන් අසරණ වී තිබෙන ආකාරය පිළිබදව ද කරුණු වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *