සෞඛ්‍ය ක්ෂෙත්‍රය දූෂිතම වෙලා – දිලිත් ජයවීර

  • By editor
  • September 20, 2023
  • 0
  • 92 Views

මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාමත් දූෂිත බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සදහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය, මාධ්‍ය,ව්‍යවස්ථාදායකය, හා එහි සිටින පුද්ගලයන්, මෙරට පාර්ලිමේන්තුව හා එහි නියෝජිතයන් ද දූෂිත වී ඇති බවත් මේ වනවිට දූෂණය වී නොමැති ක්ෂේත්‍රයක් සොයාගත නොහැකි වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

එසේම ජනාධිපතිවරයා දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව පැවසුවද, ඉතිහාසයේ වඩාත්ම දූෂිත ගනුදෙනු සිදුවන්නේ මේ මොහොතේ බව ද ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කළේ

”ලංකාවේ දූෂිත ක්‍රමයේ පුරෝගාමීන් මේ රටේ ව්‍යාපෘති ඔස්සේ මහා පරිමාණයෙන් දූෂණ ක්‍රියා සිදුකිරීම ආරම්භ වුණේ 1977 පස්සේ. කාටවත් ඒක එහෙම නෙවෙයි කියන්න බෑ. හේතුව තමයි ඒ ක්‍රමය විසින් හඳුන්වාදුන් දූෂිතයන් වැජඹෙන රටක් මේක. එය එසේ නොවන්න නම් අපි යෝජනා කරන්නේ මේ මුළු සමාජයම නිවැරදි විය යුතුයි කියලා.

දැන් වාරණ නියෝගයක් ඇවිත් තියෙනවා. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය දූෂිතයි. මාධ්‍යත් දූෂිතයි. සෞඛ්‍ය අංශය ඊටත් වඩා දූෂිතයි. කොතනද දූෂණය නැත්තේ කියලයි හොයාගන්න බැරි වෙලා. ඒ වගේම ව්‍යවස්ථාදායකය අතිශය දූෂිතයි. ඒ ඉන්න පුද්ගලයෝත් දූෂිතයි.

මම ජනාධිපතිවරයාට අභියෝග කරනවා සාපේක්ෂව මෙරට වඩාත් දූෂිත ගණුදෙනුව සිදු වෙමින් පවතින්නේ මේ මොහොතේ කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *