සෞඛ්‍ය දූෂණ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි – කෙහෙළිය හා ජයසුමන කැඳවා ප්‍රශ්න කරන්නයි ඉල්ලයි.

  • By editor
  • May 16, 2023
  • 0
  • 60 Views

2020 / 2023 කාල සීමාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුවී ඇති දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කරමින් ඒ සඳහා වන පැමිණිල්ල භාර දීම
ඊයේ සිදුවිය.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ පාලනය යටතේ දිගින් දිගටම හදිසි ඖෂධ මිලදී ගැනීම් වලදී ෝරාගත් ඖෂධ සමාගම් කිහිපයක් වෙත පමණක් ඉතා ඉහළ මිළ ගණන් වලට ප්‍රදානය කිරීම පෙනී යන බවත් මේ නිසා රට රුපියල් බිලියන ගණන් පසුගිය කාලසීමාවේදී අහිමි වී ඇති බවත් මෙම පැමිණිලි මගින් පෙන්වා දී ඇත. කල් ඇතුව සැලසුම් සහගතව ඖෂධ මිලදී ගැනීම වෙනුවට හදිස්සි මිලදී ගැනීම්වලට දක්වන මෙම කැමැත්ත ප්‍රශ්න සහගත බවත් පසුගිය කාල සීමාවේදී ඒ අන්දමට හදිසි මිලදී ගැනීම සඳහා යොමු කරන ලද ඖෂධ මිල ගෙන් මිලදී ගැනීම්වලට අදාළ සියලු ලිපිකරු හා ටෙන්ඩර් පරීක්ෂා කොට මේ සම්බන්ධව නිසි විමර්ශනයක් පවත්වා වගකිවයුතු දේශපාලන ස නිලධාරීන් අධිකරණය හමුවට කැඳවන ලෙස මෙම සිවිල් සංවිධාන ඉල්ලා සිටියහ.

හදිසි මිලදීගැනීම් යටතේ දිගින් දිගටම තත්වයෙන් බාල ඖෂධ රට තුළට පැමිණීමත් මෙසේ සිදුවන මිලදී ගැනීම් වලදී හානි පූර්ණය කර ගැනීමට පවතින හැකියාව අඩුවීම නිසා රට විශාල වශයෙන් විනිමය අවභාවිතාවක් සිදුවන බැවින් මෙය සාපරාධි අපරාධයක් බව මෙම අවස්ථාවට එක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ චමල් සංජීව මහතා පෙන්වා දී ඇත.

කොවිඩ් පැතිර යන අවස්ථාවේ දී ඉතා අඩු මිලට ගත හැකිව තිබූ අදාල එන්නත් වැඩි මිලට මිලදී ගැනීම නිස් ඇස්තමේන්තු වලින් තොරව සීමාව ඉක්මවා අදාල කාලසීමාවේදී ඖෂධ හා ශල්‍ය උපකරණ ශල්‍ය ඇඳුම් මිලදී ගැනීම කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ වැඩි වශයෙන් මිල දී ගැනීම මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අක්‍රිය වීම සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකිරීමත් මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඖෂධ සංස්ථාවේ එවකට සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය එවකට සෞඛ්‍ය ලේකම් මුණසිංහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් සමන් රත්නායක, ඖෂධ නියාමන අධිකාරියේ එවකට සහ වර්තමාන පාලක මණ්ඩලය ඇතුළු නිලධාරීන් ද කැඳවා ප්‍රශ්න කොට නීතිය ක්‍රියාත්මක කරන්නැයි මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

එසේම පසු කී යහපාලන රජයේ දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ප්‍රශ්න සහගත එන්ඩ ගනුදෙනුවක් හරහා පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමට විශාල වශයෙන් මුදල් ආයෝජනය කොට ඇති බවට විකරණ වාර්තා මගින් පෙන්වා දෙන බවත් අදාළ කරුණු සම්බන්ධයෙන් වසර 6 කට අධික කාලයක් ගතවී ඇති නමුත් මේ දක්වා විමර්ශන සිදු නොවීම ගැන පසු විපරමක් සිදු කරන ලෙසද මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

මෙම අවස්ථාවට එක්වූ දූෂණ විරෝධී සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති ජාලිය කමන්ත මහතා සඳහන් කළේ රටක් සංවර්ධනය කිරීමේදී ලූෂන් අක්‍රමිකතාවට තිබීම ඉතා වැදගත් වන බවත් ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීමේදී ණය ආධාර මත පමණක් අවධානය යොමු කිරීම නිසා රජය දේශපාලකයින් සන් නිලධාරීන් අඛණ්ඩවම දූෂණ වංචාවල නිරත වීමෙන් රටේ පොදු මහජනතාවට අති විශාල ණය බරක් හා බදු බරක් පැටවී ඇති බැවින් මෙම විමර්ශන හැකි ඉක්මනින් අවසන් කොට අදාළ දේශපාලකයින් හා නිළධාරීන් අධිකරණය හමුවට කැඳවීම ඉතා වැදගත් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙනු ලැබුවේ රටක ආර්ථික සංවර්ධනය ගොඩනැගීම මාධ්‍ය සංදර්ශන වලින් පමණක් සිදු කළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉදිරිපත් කරලා පැමිණිලි නිසි පරිදි විභාග කොට අපරාධකරුවන් හඳුනා ගන්නේ නම් රටට ඉතා විශාල වශයෙන් අහිමි වූ හා අහිමි වීමට නියමිත මුදල් ප්‍රමාණයක් ප්‍රතිපූරණය කරගැනීමට හැකි වන බැවිනි ජනාධිපතිවරයා මෙම පැමිණිලි සම්බන්ධයෙන් පෞද්ගලිකව මැදිහත් වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

වෘත්තීය හා සිවිල් සමිති ක්‍රියාධරයින් වන නීතිඥ එගොඩවත්ත , අසේල සම්පත්, ලැසිල් ද සිල්වා, සංජීව මහවත්ත ඇතුළු විශාල පිරිසක් මෙම පෙත්සම් භාරදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියහ.

මීට පෙර මෙම සිවිල් සංවිධාන මෙම ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කළ අතර එකී පැමිණිලි වලින් අනතුරුව ප්‍රශ්න සහගත ගනුදෙනු කිහිපයක් නතර කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙත උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *