සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අලුතෙන් හදුන්වාදුන් පරිගණක පද්ධතියට ඖෂධවේදීන් දැඩි විරෝධය පල කර ඇත.
2017 වසරේ සසිට පැවති “ෆොන්ටෝ සිස්ටම්” ක්‍රමය වෙනුවට නව පරිගණක පද්ධති ක්‍රියාවලිය හදුන්වා දෙන ලදී.එම ක්‍රියාවලිය ආරම්භ කර සතියක් යාමට පෙර ඖෂධවේදින් විරෝධය පල කිරීම නිසා එය ක්‍රියාත්මක කිරිම මාස තුනකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
2017 වසරේ සිට ක්‍රියාත්මක වු ක්‍රමය “ඊවිස්” නැමැති පරිගණක සමාගම විසින් ක්‍රියාත්මක කල අතර ඒ සදහා මාසිකව රුපියල් ලක්ෂ 50 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශයට සමාගමට ගෙවා ඇත.නව ක්‍රමයට කොළඹ විශ්ව විද්‍යාලය විසින් උපදේශන සමාගමක් මගින් එය මෙහෙයවන අතර ඊට “ස්වස්ථා” ලෙස හදුන්වා දී තිබේ.මෙම ක්‍රමය සදහා රුපියල් මිලියන 100 කට අධික මුදලක් ගෙවා ඇති අතර වසර තුනක කාලයක් සදහා ගිවිසුම්ද අත්සන් කර ඇත.
නව පෞද්ගලික සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයේම වෛද්‍යවරයෙකුට අයත් වන අතර ඔහු තොරතුරු තාක්ශනය පිළිබදව විශේෂඥ වෛද්‍යවරයෙකු බව පවසා මෙම ටෙන්ඩරය ලබා ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකටද තොරතුරු වසන් කරමින් බව ඖෂධවේදීන් පෙන්වා දෙති.මෙම ක්‍රමය තාක්ශණිත ගැටලු රැසකින් යුක්ත වන අතර ක්‍රමය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි රැසක්ද ලැබි තිබේ.