සෞඛ්‍ය ලේකම්ගේ අත්සන පමාවීමෙන් රුපියල් බිලියන හයක පාඩුවක්

  • By editor
  • January 28, 2024
  • 0
  • 110 Views

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතුලු ඉහළ නිළධාරීන්ගේ නොසැළකිලිමත් බව නිසා ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියට රුපියල් බිලියන  හයක මුදලක් අහිමිව ගොස් අති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.

 මෙසේ අහිමිව ගොස් ඇත්තේ කොවිඩ්  හදිසි සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ ලෝක බැංකුව විසින් ලබාදුන් මුදලකි. මෙම මුදල වැයකර දැඩි සත්කාර ඒකක සහ ශල්‍යාගාර පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යව තිබෙනා වෛද්‍ය සහ සෙසු උපකරණ ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැළසුම් කර තිබුනද ඉහළ නිළධාරීන්ගේ වගකීමෙන් තොර ක්‍රියා කළාපය නිසා  ව්ම උත්සහය ව්‍යර්ථව ගොස් ඇත.

එම මුදල් වැයකර එකී උපකරණ ඉකුත් වසරේ දෙසැම්බර් 31 දිනට පෙර මිලට ගන්නා ලෙස ලෝක බැංකුව කරතිබූ නිර්දේශයකට අනුව යමින්, එම සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියළු ප්‍රසම්පාදන සහ තාක්ෂණික කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය විසින්  සම්පූර්ණකර තිබූ අතර, ඊට අදාල කටයුතු කඩිනම් කරන්නැයි විෂය බාර අමාත්‍යවරයාද නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබුනි.

වෛද්‍ය ඉංජිනේරු ඒකකය විසින්  අදාල ලිපිගොනු සෞඛ්‍ය ලේක ඇතුළු නිළධාරීන් වෙත යොමුකළද ඔවුන් ඊට සිය අනුමැතිය ලබාදෙම්න් අත්සන් යොදා නැත. කෙසේ වෙතත් උපකරණ අබලන් වීම නිසා දිවයිනේ බොහෝ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යාම දැඩි අවදානම් අඩියකට පත්ව ඇතිබව සෞඛ්‍ය ආරංචිමාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *