සෞඛ්‍ය ලේකම්වරයා ජනපතිව උගුලක හිරකරලා – රවී කුමුදේශ්

  • By editor
  • January 23, 2024
  • 0
  • 53 Views

වෛද්‍ය වෘත්තිකයින්ගේ දීමනා චක්‍රලේඛය නිකුත් කිරීමේදී, සෞඛ්‍ය අමාත්‍යාංශය කුමණ්ත්‍රණකාරීව හැසිරිලා තිබෙන බවත්  ප්‍රතිපාදන නොමැති නිසා මේ මාසයේ DAT දීමනාව නවතාදමන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයා ලිපියක් නිකුත් කරලා තිබෙන බවත් සෞඛ්‍ය වත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා සදහන් කරයි.

ඒ අනූව චක්‍රලේකය නිකුත් කිරීමට පෙර ප්‍රතිපාදන සපයා ගැනීම පිළිබඳව පවා නිශ්චිත අදහසක් නොමැතිව, කලබලයෙන් මේ චක්‍රලේකය නිකුත් කරලා තියෙන්නේ ජනානාධිපතිවරයාව උගුලක හිරකරමින් කියලා පැහැදිළිව පෙනෙන්නට තිබෙන බව ද හෙතෙම පෙන්වා දේ.

එසේම වෛද්‍ය නිලධාරීන්ට දීපු බලාපොරොත්තුව දැන් හකුලන්න නොහැකි අතර වෛද්‍යවරුන් තමන්ගේ අරගලයට බාධා කලමුත් තමන් ඇතුළු පිරිස කිසිසේත්ම එලෙස නොකරන බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *