සෞඛ්‍ය සේවකයින්ගේ කට වැහුවට දැවැන්ත වැඩවර්ජනයකට සූදානමක්

  • By editor
  • July 25, 2023
  • 0
  • 95 Views

සෞඛ්‍ය වෘත්තිකයන් ජන මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට විරෝධය පළ කරමින් මෙරට ඉතිහාසයේ සිදුකරන දැවැන්ත අඛණ්ඩ වැඩ වර්ජනයක ආරම්භ කිරීමට කටයුතු කරන බව වෛද්‍ය චමල් සංජීව සදහන් කර තිබේ.

ඒ පිළිබඳ අද සවස මෙරට වෘත්තිය හා සිවිල් සංවිධාන රැස්වී සිදුකරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සදහන් කර ඇත.

සෞඛ්‍යය වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසක් ඊයේ දිනයේ ඒකාබද්ද පෙත්සමක් අත්සන් කරන ලදී.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදු කළහ.

කෙසේ වෙතත් අදාළ ඒකාබද්ධ පෙත්සම අත්සන් තැබීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ රජයේ හෙද ධාරීන්ගේ සංගමය සහභාගී නොවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *