
සමගි වනිතා බලවේගය ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමයේ සභාපති ලෙස පත් කර ඇත.
පෞද්ගලික අංශය නියෝජනය කරන සේවක සේවිකාවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම, ඔවුන් බලගැන්වීම සහ ඔවුන් ශක්තිමත් කිරීම උදෙසා සමස්ත ලංකා සමගි පෞද්ගලික සේවක සංගමය පිහිටවන ලදි. හිටපු පාලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එහි පළමු සභාපතිනිය ලෙස පත් කොට ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්වීම සිදු කොට ඇත. පත්වීමේ ලිපිය ලබාදෙන අවස්ථාවට ස.ජ.බ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද සහභාගී විය