හදාගන්න බැරි දරුවන් බලාගන්න මධ්‍යස්ථාන

  • By editor
  • April 29, 2023
  • 0
  • 166 Views

හදාවඩා ගැනීමට නොහැකි මාස 03ට අඩු බිළිඳු දරුවන් රහසිගතව තබා යාම සදහා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා ඒ සඳහා පවත්නා නෛතික තත්වයන් ඇතුළු ඉදිරි මග පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙම විශේෂ රැස්වීම පැවැත්වුයේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සහ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත හෝ ඒවා මගින් අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන වෙත බාර දීම හෝ රෝහල්, මහාමඟ වැනි වෙනත් ස්ථානවල අතහැර දමා සාමාන්‍යයෙන් සිදු වන අතර, ඉතා සුළු දරුවන් පිරිසක් එම දෙමාපියන් විසින් මරා දමන අවස්ථාද වාර්තා වන බව මෙම රැස්වීමට සහභාගී වූ නිලධාරින් පැවසීය.

එම කරුණු සැලකිල්ලට ගනිමින් ඉහත තීරණය කෙරෙහි අවධානය යොමු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *