නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසියේ මියයන ඇතැම් වතු කම්කරුවන්ගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය නොතබා එම සිරුරු මුදා හරින ලෙසට වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රාදේශිය නායකයන් බලපැම් එල්ල කරන බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් කිහිපදෙනෙකු විසින් සමස්ත ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයට පැමිණිලි කර ඇත.
තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් අයගේ සිරුර සම්බන්ධයෙන් සිරුරු මුදා හැරිමට අදාල බල ප්‍රදේශයේ පොලිසිය මගින් හදිසි මරණ පරික්ෂකවරුන්ගේ වාර්තාවක් ලබා ගන්නා බවත්, එවැනි වාර්තාවක් ලබාදිමට ප්‍රථම මිය අයගේ ඥාතින් කැදවා සාක්ෂි සටහන් කර ගන්නා බවත්, එසේ සටහන් කර ගන්නා සාක්ෂි පරස්පර විරෝධි නම් එම සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා යොමු කිරිමට තමන්ට බලතල ඇති බවත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් සදහන් කරයි.
එසේ පශ්චාත් මරණ පරික්ෂණ සදහා යොමු කරන ඇතැම් සිරුරු සම්බන්ධයෙන් එම වෘත්තිය සමිතියේ ප්‍රාදේශිය නායකයින් තමන්ට දුරකථනයෙන් ඇමතුමක් ලබා දි සිරුර මුදා හරින ලෙසට බලපැම් සිදු කරන බවත්, එසේ සිරුර මුදා නොහැරිය හොත් එම ප්‍රාදේශිය නායකයින් විසින් තමන්ට විවිධ අයුරින් රාජාකාරියට බාධා සිදු කරමින් සිටින බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරික්ෂකවරුන් සංගමය වෙත කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇත.