හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඉදිරි දෙසතිය තුළ වසා දැමීමට සිදුවනු ඇති බව ත් රෝහල පවත්වා ගෙන යාමේ පවා අවදානමක් ඇති බවත් වාර්තා වේ.
මෙම රෝහල වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අවදානමක පවතින අතර රෝහලේ දැනට ඉතිරි වී සිටින ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාත් ඉදිරි දෙසතිය තුළ රෝහල හැර යාමට නියමිත බවත් එක් වෛද්‍යවරයෙකු මේ වන විටත් සේවය හැර යාමේ ලිපි ලබා දී ඇති බව ත් වැඩිදුරටත් වාර්තා වේ.
එමෙන්ම අනෙක් ශල්‍ය වෛද්‍යවරයා ද ස්ථාන මාරුවක් ඉල්ලා ඇති අතර ස්ථාන මාරුව නොලැබුණහොත් ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මීට අමතරව නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයෙක් ඉදිරි දෙසතිය තුළ සේවයෙන් ඉවත් වන අතර අනෙක් වෛද්‍යවරයා ද රෝහල හැර යාමට නියමිත බව පැවසේ.