හමුදාපති තම අනිසි පිම්ම ගැන උදම් අනයි.

  • By editor
  • January 28, 2024
  • 0
  • 313 Views

ලුතිනල් ජනරාල් විකුම් ලියනගේ යුදහමුදාපතිරවයා ලෙස තමන්ට ලැබී ඇති බලය අයුතු ලෙස යොදාගෙන පැරචුට් පිම්මක් පැනීම පිළිබද යුද හමුදාවේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ.

පැරචුට් පාඨමාලාව වූ කලි හමුදා නිලධාරියෙක් සිය මූලික පුහුණුවේදී ලබාගත යුතු නමුත් යුද හමුදාපතිවරයා වයස අවුරුදු 56දී ඊට එක්වී මාධ්‍ය ප්‍රසිද්ධියක් ලබාගැනීම මින් පෙර කිසිදු හමුදාපතිවරයෙකු නොකළ දෙයක් බව හමුදා නිලධාරීන් පෙන්වා දෙයි.

තම පිම්ම පිළිබද ඕස්‍ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවති ප්‍රිය සම්භාෂණයේදී උදම් අනා ඇති හමුදාපතිවරයා, පැරචුට් පාඨමාලාවට නම් අනුමත කිරීම සදහා නම් ලයිස්තුව තමන් වෙත පැමිණි අවස්ථාවේදී තමාද මෙම පිම්ම පැනිය යුතු බව තීරණය කළ බව පවසා ඇත. 

මෙම උත්සවය සඳහා මුලින් වයින් සහ බියර් පමණක් දී ඇති අතර එහිදී හමුදාපතිවරයා අසා ඇත්තේ විස්කි දෙන්නේ නැද්ද යනුවෙනි.

මේ අතර මෙම පිම්ම පිළිබදව යුද හමුදා මාධ්‍ය අංශය සාවධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙන්ම වයසින් වැඩිම නිලධාරියා වන යුද හමුදාපතිවරයා පැරචුට් පුහුණුව සමත්වීම ගෞරවයක් බව සදහන් කළද යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතමයා යුද හමුදාපතිවරයා නොවන බව පෙන්වා දේ. යුද හමුදා ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨයා යුද හමුදාපති නොව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බව යුද හමුදා මාධ්‍ය අංශයට අමතකවූයේ කෙසේදැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු ප්‍රශ්ණ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *