හරක්කටා එක කෝල් එකට ලක්ෂ එකහමාරක් CID නිලධාරීන්ට ගෙවලා

  • By editor
  • September 17, 2023
  • 0
  • 134 Views

හරක්කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී දුරකථන ඇමතුම් ලබා ගැනීමට එක් ඇමතුමක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට ගෙවා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

හරක්කටා රඳවාගෙන විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ නිලධාරීන් සහ නිලධාරිනියන් 12 දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වනවිට ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම ඔහුට විශේෂ සැලකිලි මෙන්ම ප්‍රණීත ආහාර පාන ලබාදී ඇති බව ද විමර්ශන වලින් හෙළි වී තිබේ.

මේ සියලු උදව් උපකාර වෙනුවෙන් හරක්කටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් සහ වටිනා දේ අත දිගහැර ලබාදී ඇති බව ද විමර්ශනවලදී හෙළිදරව් වී තිබේ.

මේ අතර මෙම සැලසුමට උපකාර කළ බවට සැකකරන තවත් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ද විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *