හරක් කටාට කාගීල්ස් ෆුඩ්සිටියෙන් සුපිරි කෑමකට අවසර

  • By editor
  • October 19, 2023
  • 0
  • 81 Views

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාට අවශ්‍ය ආහාර සුපිරි වෙළෙඳසැලක් වන කාගිල්ස් ෆුඩ්සිටියෙන් ලබාගැනීමට අද අධිකරණය අවසර ලබා දී තිබේ.

හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.

ඒ අනුව සැකකාර හරක් කටාට ඔහු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම්කරන නිලධාරියෙකු හරහා අවශ්‍ය ආහාර අදාළ සුපිරි වෙළෙඳසැලෙන් ලබාගැනීමට අවසර හිමිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *