හරක් කටා නිසා දේශබන්දු පොලිස් නාකොටික් එකට බැන වදියි

  • By editor
  • January 5, 2024
  • 0
  • 113 Views

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ පැවති රැස්වීමක දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී සොයාගත් කුඩු කිලෝ ග්‍රෑම් 4000ක් සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීම පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය දැඩි ලෙස විවේචනය කර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධයෙන් විමර්ශනයක් නොකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කළ බවට ජාතික පුවත්පත් අදා වාර්තා කර තිබුණි.

එහෙත් එම රැස්වීමට සහභාගී වූ නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යා‍ංශය විවේචනයට ලක් වුව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් පමණක් ලබාදුන් බවයි.හරක් කටාට සහය වූ පිරිස සොයාගැනීම සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විශේෂ කණ්ඩායමක් පත් කරන ලෙසට ද උපදෙස් ලබා දි තිබේ

හරක් කටා දීර්ඝ කාලයක් රදවාගෙන සිටින අතර ඔහු සතුව තිබූ ගිනි අවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සොයාගෙන තිබේ. හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමේ වගකීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යා‍ංශය සතු බව ද මෙහිදී පෙන්වා දී ඇත.

කෙසෙවෙතත් අද දින ජාතික පුවත්පත් වල පළ වූ ප්‍රවෘත්තිය පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් නිකුත් කළ නිල නිවේදනයක් පාදක කරගනිමින් සකස් කළ පුවතක් නොවන බව පොලිස් මූලස්ථානය ද පිළිගෙන තිබේ.

එය A4 කොලයක ටයිප් කර හිතවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට පොලිස්පතිවරයා සමීපතම නිලධාරීන් විසින් යොමු කල නිල නොවන ලියවිල්ලක් සකස් කර ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, හා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පමණක් සහභාගී වී ඇත. නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ඉදිරියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ සූදානමක් ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *