සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විදේශගතව සිටින කාලයේ ඇමතිනි ඩයනා ගමගේ අවසරයකින් තොරව ඉඩම් අමාත්‍යංශයේද වැඩ බැලීමට ගොස් එම අමාත්‍යංශයේ කටයුතු අවුල් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඩයනා ගමගේ අමාත්‍යවරියට වැඩ බැලීම සඳහා අවසර ලබා දී ඇත්තේ සංචාරක අමාත්‍යංශය සඳහා පමණක් නමුත් ඇය ඉඩම් අමාත්‍යංශයටද ගොස් එහි ආයතන ප්‍රධානින් කැඳවා රැස්වීමක් ද පවත්වා තිබේ.
එසේම එහි කටයුතු වල තත්ත්වය පිළිබඳ අදාල නිලධාරීන්ට බැන වැදී ඉක්මනින් ඉඩම් ඔප්පු වගයක් ලබාදිය යුතුයැයි පවසා සතියක් තුල එම ඔප්පු ලබාදී අවසන් කරන ලෙස දන්වා ලිපියක් යොමු කර ඇති බවද වාර්තාවේ.
කෙසෙවෙතත් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ යළි මෙරටට පැමිණ තිබුණි.