චන්ද්‍රයාගේ සැබෑ වයස අප දැන සිටියාට වඩා අවුරුදු මිලියන 40 ක් වැඩි බව විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
ඇපලෝ 17 මෙහෙයුමේදී පෘතුවියට රැගෙන ආ සඳෙන් ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේදී මෙම කරුණු සොයාගෙන තිබේ.
සෞරග්‍රහ මණ්ඩලයේ උපතින් වසර මිලියන 110ක් ඇතුළත වසර බිලියන 4.46කට පෙර සඳු නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරන බව විශ්ලේෂණ දත්ත මත පදනම්ව එම විද්‍යාඥයන් කණ්ඩායම පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
කෙසෙවෙතත් මීට පෙර සඳුගේ වයස වසර බිලියන 4.42 ක් බවට නිගමනය කර ඇත.