හිටපු ඇමති නසීර් අහමඩ් රජයේ වාහනත් අරන්ම ගෙදර ගිහින්

  • By editor
  • November 27, 2023
  • 0
  • 49 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා ඔහුගේ ධූර කාලයේ දී භාවිතා කරන ලද අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක් පසු භාර නොදී තම පෞද්ගලික භාවිතයට යොදාගෙන ඇති බව වාර්තා වේ.

රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමින් යුත් මෙම වාහන දෙක අමාත්‍යවරයාට රජය විසින් නිකුත් කර තිබූ නිල වාහන දෙකකි.

මෙම වාහන දෙක බලා ආපසු භාර නොදීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය විසින් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *