හිටපු ඇමති රෝහිත කළගුණ සලකන්න පාතාල සගයන් බලන්න ගිහින්

  • By editor
  • June 26, 2023
  • 0
  • 347 Views

බන්ධනාගාර ගත කර සිටින පාතාල සාමාජිකයන් දෙදෙනෙකු වන ‘කලමුල්ලේ ටශී සහ කළුතර සගා මුණ ගැසීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකු වන රෝහිත් අබේගුණවර්ධන සහ එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාරයට ගොස් ඇති බවට වාර්තා වේ.

ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයන් හි දී ලබා දුන් සහයෝගයට කළගුණ දැක්වීමක් වශයෙන් මෙම පාතාල සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා එලෙස පැමිණ තිබේ.

හිටපු අමාත්‍යවරයා ඔවුන් සමග බොහෝ වෙලාවක් කතාබස් කර තිබෙන බවට ද තොරතුරු වාර්තා වේ.

තම නැන්දණිය උස්සා පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව මත ‘කලමුල්ලේ ටශී’ නම් පුද්ගලයා බන්ධනාගාර ගතව සිටින අතර ‘කළුතර සගා’ නම් පාතාල අපරාධකරු රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගැනීම මතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *