හිටපු නීතිපතිගේ ලිපිගොනුවක් උස්සලා

  • By editor
  • April 11, 2023
  • 0
  • 162 Views

හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතාගේ කාර්යාලයට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ලිපිගොනුවක් රැගෙන පලා ගොස් ඇතැයි රහස් පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි හිටපු නීතිපතිවරයාගේ කාර්යාලයට පැමිණි නාදුනන පුද්ගලයෙකු ලිපි ගොනු සියල්ල අවුස්සා එක් ලිපිගොනුවක් රැගෙන ගොස් ඇති බවද රහස් පොලිසිය විසින් ඊයේ දින අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මීට අදාළ කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරීක්ෂණ සඳහා බාරදී ඇති බවත් එම වාර්තාවේ සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *