හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය අත්අඩංගුවට

  • By editor
  • February 2, 2024
  • 0
  • 99 Views

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 10කට ආසන්න කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අමාත්‍යවරයාට ඊයේ (01) ලබාදුන් නියෝගයට අනුව ඔහු පෙරවරුවේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *