‘හිටපු සෞඛ්‍ය ලේකම් රෝහලේ’ කතාව බොරුවක් –  හිටපු ලේකම් ලංකාදීපයට දොස් කියයි

  • By editor
  • November 29, 2023
  • 0
  • 172 Views

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුරව කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට ‘ලංකාදීප සහ අද’ පුවත්පත විසින් වාර්තා කර තිබුණි.

එහිදී ඔවුන් දක්වා තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182 ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන කරමින් සිටින අතරතුර ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී  රෝහල් ගත කළ බවය.

කෙසෙවෙතත් මෙම පුවත පළවීමෙන් අනතුරුව චන්ද්‍රගුප්ත මහතා අදාළ පුවත්පත් ආයතන වෙත කතා කොට සාවද්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් දෝෂාරෝපණ එල්ල කර තිබේ.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මේ වනවිටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පානදුර නිවසේ සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *